Monday, April 30, 2012

මානසික හුදකලාව



ආයුබෝවන්,
අද මට හිතුනා හැමෝටම දැනෙන ඒත් කාටත් නොකියන මානසික හුදකලාව ගැන ලියන්න......
මුලින්ම කියන්නම් හුදකලාව කියන්නේ සාර්ථකත්වයේ මාවතක් විදියට මම දකින්නේ, ඒත් ඒ මාර්ගය හරියට භාවිතා කරන්න ඔනේ
මානසික හුදකලාව මම දකින විදියට  දෙකක් තියෙනවා

  1. කොතරම් පිරිසක් තමා වටේ හිටිවත් තමා තනි වී ඇති බව හැගීම
  2. තමා සමාජයේ තනිවීම මගින් ඇතිවෙන මානසික හැගීම
මෙ‍හිදී මෙය කොටස් දෙකක් උනත් ඇතිවෙන හැගීම නම් එකමයි... (දෙවන අවස්ථාවටත් සරලන ලෙස පහත ලිපිය ලියා ඇත. ඇති වන්නේ එකම හැගීම බැවින් වෙන් වෙන්ව හැදින්වීම අනවශ්‍ය බව හැගේ) මොකද අවස්ථාව වෙනස් උනාට මනසට සංනිවේදනය වෙන්නේ අපි තනිවෙලා කියලා විතරයි...
මේ අවස්ථාව ඇත්තටම ඉතාමත් භයානක අතුරු ප්‍රතිඵල හට  ගෙන දෙන්න පුලුවන්.. ඉතින් අද අපි මේ ගැන කතා කරමු.....


පළවෙනි අවස්ථාව ගන්නවා නම්...
ඔබ හිතන්න ඔබේ මිතුරන් අතරදී ඔබ කොන් වෙනවා ද?? අවශ්‍යතාවයකදී මිතුරෙක් නැද්ද ?? නෑදෑයන් අතරේ ඔබ කොන් වෙනවාද  ??
එවෙනි අවස්ථාවක හිතේ ඇතිවෙන හැගීම කියලා නිම කරන්න බැහැ  ඒ වගේම කෑ ගහලා අඩන්නත් හිතෙයි.. ඒත් දුක්වෙන්න එපා ඔබ අද මේ ලිපිය කියවනවා නම් එවැනි දුකක් ඇති උනාම කාත් එක්ක හරි ඒ දුක බෙදා ගන්න ඔනේ කියලා හිතෙනවා නම් ඒ ගැන මට කියන්න... මම ඉන්නවා ඔබත් එක්ක...


දැන් මම කියන්නම් මේ විදියේ හැගීමක් ඇති වෙන්න හේතුව...
ප්‍රධානම හේතුව තමයි බලාපොරොත්තු!! අපි හැමෝම බලා‍පොරොත්තු වෙනවා සමාජයේ තත්වයක් ඇති කර ගන්න.. ඒත් මේ දැන් තිබෙන සමාජයේ තමාගෙන් ප්‍රයෝජනයක් නැත්තන් තමා කුණුගොඩට විසි වෙනවා නියතයි.


ඉතින් මේකට කරන්න තියෙන්න‍නේ ක්‍රම දෙකයි.. 

  1. තමාගේ වටිනාකමක් සමාජයේ හදා ගැනීම
  2. මනසට පොඩි ව්‍යායාමයක් කරමින් මනස සංසුන් කර ගැනීම

තමාගේ  වටිනාකම හදා ගන්න එක ‍එකපාර ගහෙන් ගෙඩි එන්නා වගේ කරන්න බැහැ, ටිකක් අමාරුයි...
ඒත් මගේ  ඉලක්කය මේ ‍බ්ලොග් අඩවියේ ලියෙවෙන එක ලිපියක් ලිපියක් පාසා ඔබගේ  වටිනාකම වැඩි කිරීමයි........


හරි දැන් මොකක්ද ව්‍යායාමය ?? ඇත්තටම එහෙම ව්‍යායාම එකක් කියලා නියත වශයෙන් නැහැ.. තමාට හරියන දේ තමා විසින්ම සොයාගත යුතුයි... මොකද මනස තමන්ගේ නිසා.


මට මෙහෙම පාරක් පෙන්වන්න පුලුවන්,
ඒ තමයි හිතන්න‍කෝ යම්කිසි ස්ථානයකට ඔබ ගියාම ඔබව එන ඉන්න ඔබේ යාලුවෝ ගනන් ගන්නේ නැහැ කියාල.. එතකොට ඔබට කරන්න දේවල් කිහිපයක් තියෙනවා

  1. මුලින්ම යාලුවන් එක්ක හිනා වෙන්න එකපාරක් හැමෝටම කතා කරන්න.. ආයුබෝවන් කියන්න. මොකද එයාලා ‍මොන තරම් ඔයාට නපුරු උනත් ඔයාලා නපුරු වෙන්න යන්න එපා. හැම තිස්සේම හොද හිතක් ගොඩ නගා ගන්න. මොකද මේ ලියලා තියෙන ඒවා කොච්චර කියෙව්වත් වැඩක් නැහැ තමාගේ හිත වල් වැදිල නම්... නරක්‍ වෙලා නම්.
  2. ඔබ කල්පනා කරන්න ඔබ එම ස්ථානයට ආපු හේතුව... බණ ගෙදරක ගියා නම් යන්නේ බණ අහන්න නේ,මැච් එකක් බලන්න ගියා නම් යන්නේ මැච් එක බලන්න... ඉතින් ඔයාට කරන්න පුලුවන් හොදම දේ ඒ ප්‍රධාන වැඩේ කරන එක...
  3. යාලුවෝ එක්ක එල්ලි එල්ලි යන්න හදන්න එපා... ඔය දේ නිසා යාලුවන්ට ඔයාලව එපා වෙනවා ‍වගේම ඔයා රූකඩයක් බවට පත් වෙනවා... ඒ වැරුද්ද කරන්න එපා.... එක  පාරක්  ඔබව ප්‍රතික්ශේප වෙනවා කියලා දැනුනොත් තමා ආපු ප්‍රධාන වැඩේ කරන්න පටන් ගන්න.
ලිපිය දැන් අවසන් කරන්න වෙනවා... ලිපිය දිග වැඩි උනා, මෙම ලිපියේම තවත් කොටසක් පළකරන්න බලපොරොත්තු  වෙනවා...

තවත් ලිපියකින් හමුවෙමු.............

0 අදහස්:

Post a Comment