Sunday, April 29, 2012

මානසික ශක්තිය

ආයුබෝවන්...
අපි ජීවිතයේදී විවිද කටයුතු සිදු කරනවා.. ඒ කටයුතු සිදු කිරීමට අපට අවශ්‍ය වෙනවා ශක්තිය,අපි ඒ ශක්තියට කියනවා රසායනික ශක්තිය කියලා, එහෙත් ඒ ශක්තියට වඩා ප්‍රභල ශක්තියක් තමයි මානසික ශක්තිය කියන්නේ ඒක ගොඩදෙනෙක් දන්නේ නැති තරම්, ඒකට හේතුව අපට ඒ පිලිබදව අමතක වී ඇති බවයි.


මානසික ශක්තිය කියනදේ උපදින්නේ අපේ හැගීම් මගින්, අපට යම්කිසි වස්තුවක් දෙස බලන්නේ විවිධ කෝණ වලින්, අපි ඒ බලන කෝණ වලට කියන්න පුලුවන් තව නමක් තමයි හැගීම්. කලින් ප්‍රකාශ කල විදියට අපට එක් එක් දේ පිලිබද තිබෙන්නේ විවිද හැගීම්.
උද්‍රාහරණයකට ගන්නකෝ පාසල් යන දරුවෙක්, ඒ දරුවා ගණිත විෂයට ආදරයක්,විශේෂ ඇල්මක්  දක්වනවා නම් ඔහුට ගණිත විෂය කවදාවත් අමාරුයි කියා සිතෙන්නේ නැහැ, ඒකට හේතුව ඉහත කතා කලා වු   මානසික ශක්තියයි....


හිතන්න,
ඔබට සතියට කී දවසක් ඔබගේ ජීවිතය එපා වෙනවාද ? මේක සරල ප්‍රශ්ණයක් මොකද ඔනෑම පුද්ගලයෙකුට තමාගේ ජීවිතය එපා වෙන මොහොතක් අනිවාරයෙන්ම එනවා, එසේ ඔබට දැනෙන්නේ මනස තුල ඇති වෙන හෑගීමක් නිසා, හැගීම් වලට කවදාවත් ඔබව පාලනය කරන්න දෙන්න එපා එසේ වුව‍හොත්  ඔබට ඔබව අහිමිවී යා හැකී.


දුක ශක්තියක් කරගන්න,
ඔබගේ  හිත තුළ ඇතිවන දුක ශක්තියක් කර ගන්න, මොකද අපගේ හිතේ දුකක් ඇතිවෙන මොහොතේ තරම් වෙනත් කිසිම මොහෝතක අපේ ශරීර‍ය ඇතුලේ මෙවැනි ප්‍රභල බලයක්,ශක්තියක් ඇති වන්නේ නැහැ
ඉතින් දුකක් ඇති උන විටක ඉක්මන් වී තීරණ ගන්නේ නැතුව ඉතාමත් සියුම්ව සාර්ථක තීරණ ගැනීමට අපි මෙතැන් සිට පුරුදු වෙමු


ඉදිරි ලිපියකින් නැවතත් හමුවෙමු.............

Saturday, April 28, 2012

දොරට වැඩුම

ආයුබෝවන්....
හිතේ  නිදහසින් බ්ලෝග් එකක්  ලියන්න පටන්  ගන්න කියලා හිතුවා.... බ්ලොග් කෙරුවාව ගැන නම් ලොකු දැනුමක් නැහැ කරලා බලමු කොහෝමද කියලා